දුම්බීම ප්‍රවර්ධනය කිරීම ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්මද?

Government
By Thaya Mar 20, 2021 07:29 PM GMT
Thaya

Thaya

Report

හෙල බොදු සවිය සංවිධානය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. ජනාධිපති තුමාජනාධිපති කාර්යාලයකොළඹ 01 ගරු ජනාධිපති තුමානි දුම්බිම ප්‍රවර්ධනය කිරිම ආණ්ඩුවේ සෞභාග්‍ය දැක්මද?

කුරුඳු භාවිත කරමින් සිගරැට් වර්ගයක් නිෂ්පාදනය කිරිමට කර්මාන්ත අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය හා අනුමැතිය ලබාදෙමින් දේශිය ව්‍යාපාරිකයෙක් මගින් සිදු විය.දේශිය නිෂ්පාදන නැංවිමේ අරමුණින් යයි පවසමින් පසුගිය දින අමාත්‍ය විමල්වීරවංස මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් කුරුදු වලින් නිෂ්පාදන දුම් වැටියක් එළිදැක්විය.අමත්‍යතුමන් විසින් දුම්පානය කරන අයුරුද පෙන්න ප්‍රචාරයක් දක්නට ලැබිණිඒ සදහා රාජ්‍ය අවසරය ද ලැබි ඇත. එහෙත් දුම්කොළ හා මද්‍යාසාර අධිකාරිය මගින් මහජන මුදල් කෝටි ගණන් වියදම් කරමින් දුම්වැටි හා මද්‍යසාර නැවත්වීමට ක්‍රියා කරයි. රජයේම කර්මානත අමාත්‍යවරයා දුම්පානය ප්‍රවර්ධනය කරයි. මෙම ක්‍රියාමගින් රටටම විහිළු සපයන්නන් ලෙස සැළකිය හැකිය

යහපාලන අණ්ඩුව විසින් සිදු කරන ලද තාක්ෂණික විශ්ව විද්‍යාල ආරම්භ කර තරුණ තරුණියන්ට නව නිපයුම් හරහා කර්මාන්ත දිරිගන්වනවා වෙනුවට මෙම ධීන ක්‍රිය දැඩි ලෙස හෙළා දැකිය යුතුව ඇත. පංච ශිල ප්‍රතිපත්තියේ ද දුම්පානය ප්‍රතික්ශේප කර ඇති අවස්ථාවක මෙම ආණ්ඩුවේ කැබිනට් අමත්‍යවරුන් පන්සිල් ගන්නේ කෙසේද? කුරුඳු සිගරට් නිෂ්පාදනය වහාම නතර කරන ලෙස ලංකාවේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය අදාළ සමාගමට ලිපියක් මගින් දැනුම් දි ඇති අවස්ථාවේද?ප්‍රවර්ධනය සිදු කරන්නේ කුමණ බල අධිකාරියේ බලය නිසා ද?

සෞඛ්‍යරක්ෂිත ආයුර්වේද දූමපාන කියා සිගරට් වර්ග ලෝකයේ නැත. සිගරට් සියල්ල සෞඛ්‍යයට අහිතකරය.මේ දුම් පානය කරමින් අපට පෙන්නන දුම්වැටියේ සාමාන්‍ය සිගරට් එකක අඩංගු නිකොටීන් හැර අනෙක් සියලුම විෂ රසායනික අඩංගු ඇත. පිලිකා සහ මාරාන්තික ශ්වසන අපහසුතා ඇතිකරන රසායනික ක්‍රියා දාමයන් සිදුවෙයි.සිගරට් වලට තරුණ තරුණියන් ආකර්ශනය කරගන්නා මූලයක් ලෙස හැදින් විය හැකිය. ලංකාවේ වාසනාවකට කාන්තාවන් මත්ද්‍රව්‍ය භවිතය අවම මට්ටකම ඇත.මෙය කාන්තාවන් දූමපානයට පොලඹවා ගැනිමට ගත් උත්සහයකි. පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ දුම්කොල හා මධ්‍යසාර වැළක්වීමේ පනත නිසා දුම්පානය අතිවිශාල වශයෙන් අඩුවක් රටතුළ දැකිය හැකිය. එම අඩුව වර්ධනය කරගැනිමට ගන්න උත්සහයක්ද? යන්න අපිට ඇති තවක් ගැටළුකි.දේශිය නිෂ්පාදන ප්‍රවර්ධනය මුවාවෙන් කවරෙකු හෝ දුම්වැටි ප්‍රවර්ධනය කිරීමට ආයුර්වේද සංකල්ප භවිතා කිරිම සම්පුර්ණයෙන්ම වැරදිය. ඔබතුමාගේ සෞභාග්‍ය දැක්මේ 13 පිටුවේ දුම්වැටි හා මද්‍යසාර ප්‍රවර්දනය අඩුකර තරුණ තරුණ්යන් එයින් ගලවා ගන්වා යයි සදහන් වෙයි. ඔබතුමාගේ අණ්ඩුවේ ඇමතිවරයෙක් අද සිදු කරන්නේ එම කාර්යද? යන්න ඔබතුමා සලකා බැලිය යුතුව ඇත. එම නිසා මෙම ඇමතිවරයාට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මෙයින් ඉල්ලා සිටිමු. මෙයට.සසුන්ලැදි බුදුගල ජිනවංස හිමිසභාපති