ලංකා IOC ඉන්ධන මිලත් අද සිට ඉහළට..!

Report

ලංකා අයි.ඕ.සී. සමාගමද ,ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල සංශෝධනය කළ ආකාරයටම ඉන්ධන මිල සශෝධනය කර තිබෙනවා.

ලංකා අයි.ඕ.සී. කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් කියා සිටියේ අද(01) සිට එය ක්‍රියාත්මක බවයි.

අද සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපර් ඩීසල් මිල ඉහළ රුපියල් 6 කින් ඉහළ දමනු ලැබුවා.

කෙසේ වෙතත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් විස්සකින් පහළ දැමුණු අතර, ඔටෝ ඩීසල් මිල පහත දමනු ලැබුවේ රුපියල් දෙකකින්.

ඒ අනුව එම මිලටම අයි.ඕ. සී සමාගම අලෙවි කරන එම වර්ගයේ ඉන්ධනවල මිල සංශෝධනය වනු ඇති.