IOC සමාගම ඉන්ධන ගැන ගත් අලුත්ම තීරණය..

By krishani Sep 19, 2022 06:21 AM GMT
Report

ශ්‍රී ලංකාව තුළ නව ඉන්ධන පිරවුම්හල් 96 ක් ආරම්භ කරන බව ලංකා අයි.ඕ.සී. සමාගම පවසයි.

එම සමාගමේ අධ්‍යක්ෂ විග්යාන් කුමාර් මේ ගැන කියා සිටියේ මෙරට තුළ අයි.ඕ.සී. සමාගම ඉන්ධන බෙදාහැරීම් කටයුතු ආරම්භ කර වසර විස්සක් පිරීම නිමිත්තෙන් නාරාහේන්පිට කොතලාවල අයි.ඕ.සී. පිරවුම්හලේ පෙරේදා (17) පැවති වැඩසටහනකට එක්වෙමින් ය.

දැනට මෙරට තුළ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් 214 ක් පවතිනවා.