අල්ලස් ගත් වැඩබලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක් අත්අඩංගුවට
අල්ලස් කොමිසම විසින් දියණියගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කර ගැනීමට පැමිණි අවස්ථාවේදී ඒ සඳහා රුපියල් 1,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් 500ක් ලබා ගත් ආලයවඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩබලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් කොමිසම] විසින් මෙම සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවේ මරදමුණේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව බව සඳහන්.
ඒ අනුව සැකකාරිය විසින් ඊයේ දින (16) ලියාපදිංචි උප්පැන්න සහතිකය ලබා ගැනීමට පැමිණෙන ලෙසත් එදිනට ඉතිරි රුපියල් 500 රැගෙන එන ලෙස දැන්වීමෙන් පසුව පැමිණිලිකරු විසින් සැකකාරිය හමු වූ අවස්ථාවේදී උප්පැන්න සහතිකය ලබා දී ඉතිරි රුපියල් 500ක මුදල අල්ලස් ලෙස ලබා ගැනීමේදී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය අක්කරෛපත්තුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.