මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වේ

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වූ බවට වාර්තා වේ.

ඒ අනුව එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් හිමිවූ අතර, විරුද්ධව ඡන්ද 2ක් හිමිවුණි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 152කින් අද (17) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන හේතුව ගැන ඇමති විජිත පහදයි

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන හේතුව ගැන ඇමති විජිත පහදයි

එමෙන්ම පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව වෙත ගෙන එන ලැබුවේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට ලබාදුන් පොරොන්දුව ප්‍රායෝගිකව ඉටු කිරීමේ පියවරක් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

තවත් විශිෂ්ට දේශපාලන චරිතයක් දිවි ගමනට සමුදෙයි

තවත් විශිෂ්ට දේශපාලන චරිතයක් දිවි ගමනට සමුදෙයි