එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණේ

Report

එංගලන්ත කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. ඒ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ ශ්‍රී ලංකා සහ එංගලන්තය අතර පැවැත්වෙන තරගයට සහභාගීවීම සඳහා ය.

ඔවුන් අද (17) දින සවස 4.15ට ඉන්දියාවේ කල්කටා නුවර සිට ශ්‍රීලන්කන් සමාගමේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

ප්‍රේක්ෂකයන් කම්පනයට - ලෝක කුසලානයෙන් ඕස්ට්‍රේලියාව ඉවතට

ප්‍රේක්ෂකයන් කම්පනයට - ලෝක කුසලානයෙන් ඕස්ට්‍රේලියාව ඉවතට

මෙම කණ්ඩායමට ක්‍රීඩකයින් සහ නිලධාරීන් ඇතුළු 32 දෙනෙකු ගෙන් සමන් විත බව වාර්තා වේ. ඒ අනුව විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගය එළැඹෙන (22) පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සඳහන් වේ.

ක්‍රීඩා ලෝලීන්ට ටිකට් පත් ගැන දැනුවත් කිරීමක් , T20 ලෝක කුසලානයේ සුපිරි 8 තරඟ කාල සටහන මෙන්න

ක්‍රීඩා ලෝලීන්ට ටිකට් පත් ගැන දැනුවත් කිරීමක් , T20 ලෝක කුසලානයේ සුපිරි 8 තරඟ කාල සටහන මෙන්න