පාසැල් 3000ක් වසා දැමීමේ අවදානමක් - කුමාර් ගුණරත්නම් කියයි

Report

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් ප්‍රකාශ කර ඇත්තේ ග්‍රාමීය පාසැල් 3000ක් වසා දැමීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවත් රජයේ රෝහල් රැසක මේ වනවිට ඖෂධ හා උපකරණ හිඟයක් පවතින බවත්ය.

ගුරු පුරප්පාඩු ගැසට් පත්‍රයේ හදිසි වෙනසක් - විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු ගැසට් පත්‍රයේ හදිසි වෙනසක් - විශේෂ නිවේදනයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 4වන ජාතික සමුළුව අමතමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ,

අවුරුදු 76ක් තිස්සේ මේ රට තට්ටු මාරු ක්‍රමයට පාලනය කළේ ප්‍රධාන දේශපාලන කල්ලි දෙකක්. නමුත් ඒ තට්ටු මාරු දේශපාලනයට තිත තියලා මේ රටේ ජනතාව 2024 අවුරුද්දෙ ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී තීරණයක් ගත්තා නව දේශපාලන ව්‍යාපාරයක් බලයට පත් කරන්න. මේ වෙනසට ඍජුවම බලපෑවේ ආර්ථික අර්බුදයත් එක්ක 2022 ඇතිවුණු මහජන අරගලය. මහජනතාව පීඩාවට පත් කරමින් ඔවුන්ගේ කරපිට බදු පිට බදු පටවමින් මේ රටේ පාලකයෝ ගෙන ගිය අධිරාජ්‍ය ගැති නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිපලයක් විදිහට රට විශාල ආර්ථික අර්බුදයකට ගොදුරු වුණා. එතනින් පස්සේ තමයි ජනතාව තීරණය කළේ මේ 76 වසරක ශාපය අවසන් කරන්න ඕන කියලා. හැබැයි දැන් ඒ 76 වසරක ශාපය අවසන් කරලා බලයට ගෙනාව නව දේශපාලන ව්‍යාපාරය දිහා අපි නැවත වටයකින් හැරිලා බලනකොට අපිට වෙනසක් පේන්නෙ නැහැ. මේ ආණ්ඩුව බලයට එනකොට කියපු ප්‍රධාන කාරණයක් තමයි දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කරනවා කියන එක. නමුත් දැන් අපිට පේනවා කිසිදු වෙනසක් නැතුව ජනතාවට බොරු කියමින් ජනතාව මුළාවට පත් කරමින් ආණ්ඩුව සුපුරුදු තැටියම වාදනය කරමින් යන විදිහ. රාජ්‍ය ප්‍රතිපත්ති දිහා බැලුවම විශේෂයෙන්ම මේ අවුරුද්දෙ අයවැය ලේඛනය දිහා බැලුවම පවා අපිට අර මුලින් හිටපු පාලකයින්ගේ ප්‍රතිපත්තියෙන් කිසිඳු වෙනසක් පේන්නෙ නැහැ. මේ වෙද්දිත් IMF එකේ ප්‍රතිපත්තිවල අනුව ජනතාවගේ කරපිට විශාල බදු බරක් පැටවිලා ඉවරයි. එහෙම ජනතාවට බදු බර පටවන ගමන් මේ රටේ ධනපති පන්තියට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට පුලුවන් තරම් බදු සහන දෙමින් යනවා. ලෝක බැංකුවේ වුවමනාවන් අනුව නිදහස් අධ්‍යාපනය විකුණන්න අවශ්‍ය ප්‍රතිපත්ති සම්මත කරන්න මේ ආණ්ඩුවත් පටන් අරගෙන ඉවරයි. අධ්‍යාපනයට වෙන් කරන වියදම් ක්‍රමයෙන් කප්පාදු කරන ගමන් ග්‍රාමීය පාසල් 3000කට වඩා වහන්න සැලසුම් කරමින් යනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න ටික විසඳන්න තවම වැඩපිළිවෙළක් නැහැ. රෝහල්වලට අවශ්‍ය ඖෂධ ටික නැහැ. වෛද්‍ය උපකරණ නැහැ. විදුලිබිල දවසින් දවස වැඩි කරන්න සැළසුම් එනවා. තෙල් ටික ගෑස් ටික දවසින් දවස වැඩි වෙමින් යනවා. මේ සියල්ලම එක්ක ආණ්ඩුව දන්නවා ඉස්සරහට රටපුරා මහජන විරෝධතාවලට මුහුණ දෙන්න සිදුවෙන බව. මොකද ජනතාවගේ අධ්‍යාපන අයිතිය සෞඛ්‍යය අයිතිය කප්පාදු වෙද්දි, දවසින් දවස ජීවන බර වැඩි වෙද්දි ජනතාවට සටන් කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ.

සියලුම ගුරුවරුන්ට උපාධි සුදුසුකම් තිබිය යුතුයි - අගමැතිනි හරිනි

සියලුම ගුරුවරුන්ට උපාධි සුදුසුකම් තිබිය යුතුයි - අගමැතිනි හරිනි

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර