පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුදෙනාට අපේ රජයක් යටතේ මරණීය දණ්ඩනය ලබාදෙනවා -සජිත්

Easter
By Thaya Mar 01, 2021 06:06 PM GMT
Thaya

Thaya

Report

තම රජයක් තුළ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් සියලුම දෙනාට මරණීය දඬුවම ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (27) පෙරවරුවේ හම්බන්තොට, දෙබරවැව මැණික් රජමහා විහාරස්ථානයට ගොස් එහි සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකිරීමට සිමෙන්ති කොට්ට 200කින් ආධාර කළේය. ඉන් අනතුරුව ජනතාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,

“පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව දැන් පාර්ලිමේන්තුවේ සභාගත කරලා තියෙනවා. අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ එක වෙළුමක්. තව වෙළුම් තියෙනවා ද ? එතකොට කොහොම ද වාර්තාවක කොටසකින් පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත පිළිබඳ ව පැහැදිලි නිගමනයකට එන්න පුළුවන්කම ලැබෙන්නේ. ඇයි මේ අසම්පූර්ණ වාර්තා රටට ඉදිරිපත් කරන්නේ. සමගි ජනබලවේග රජයක් තුළින් පාස්කු ප්‍රහාරය පිළිබඳ නිවැරදි පිරිසිදු පරීක්ෂණ පවත්වනවා. අවශ්‍ය නම් ජාත්‍යන්තර අපක්ෂපාතී පරීක්ෂණයකුත් පවත්වනවා. පවත්වලා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි ඔප්පුවෙන සියලුදෙනාටම මරණීය දණ්ඩනය ලබාදීමට කටයුතු කරනවාමයි.“