සිසුන් බිය ගන්වා මුදල් කොල්ල කෑ අයට සිදු වූ දේ(VIDEO)

BADULLA STUDENT ROBBED MONEY ARRESSTED
By Sewvandhi Apr 26, 2021 03:01 PM GMT
Sewvandhi

Sewvandhi

Report

උපකාරක පන්තිවලට පැමිණෙන සිසුන් බියගන්වා මුදල් කොල්ලකෑ දෙදෙනෙකු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිසුන් දෙදෙනෙකුගෙන් ලැබුණු පැමිණිලි මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත බවයි බදුල්ල පොලිසිය සඳහන් කළේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ වයස අවුරුදු 21ක සහ 22 වන වියේ පසුවන්නන්.

මොවුන් කලක සිට මෙලෙස උපකාරක පන්ති වලට පැමිණෙන සිසුන් ගෙන් මුදල් කොල්ලකා තිබෙනවා. සැකකරුවන් අද (26) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගතකර කිරීමට නියෝග කෙරුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi