2021 දී ලෝකෙට නැතුවම බැරි කෑමද? Internet ද? – ආන්දෝලනාත්මක හෙළිදරව්ව
කවුරු හරි ඔබෙන් විමසුවොත් ඔබේ ජීවිතයට වඩාත්ම වැදගත් වෙන්නේ මොනවද කියලා. මොකද ඔබ දෙන උත්තරය?
බලන්න මෙන්න මේ දේවල් ඔබේ ලැයිස්තුව ඇතුලේ තියෙනවද කියලා. කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔබට වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ නරක් නොවුණු කෑමද එහෙම නැත්නම් වේගවත් අන්තර්ජාල පහසුකමක් ද කියලා. අනිවාර්යෙන්ම ඔබේ උත්තරේ වෙන්නේ වේගවත් අන්තර්ජාලයක්. එහෙම නේද? ඒ ගැන බ්‍රිතාන්‍යයේ කරපු අපූරු සමීක්ෂණයක් ගැන කියන්න තමයි මේ කියන්න යන්නේ.
ඒ අතරින් ජනතාවට නැතුවම බැරි දේවල් අතරින් පළවෙනි තැනට එන්නේ අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම්. දෙවැනි තැන දෙවෙනි තැන ගත්තේ අන්තර්ජාල පහසුකම්.
ඊළඟට පිළිවෙලින් රෙදි සෝදන යන්ත්‍රය, E – mail,ශීතකරණය,මයික්‍රොවේව් උදුන,පිඟන් පිඟන් සෝදන දියර, සැටලයිට් TV සහ කණ්නාඩි. ඔන්න ඔය දේවල් තමයි අත්‍යවශ්‍යම භාණ්ඩ 10 අතරට එකතු වුණේ. ඒ වගේම විදුලි කේතලයත් ඒ භාණ්ඩ 10 අතරෙ තිබුණා. ඒ වගේම iPad, Facebook, Toaster, High Definition TV වගේ දේවල් මූලිකවම අවශ්‍ය වන දේවල් 30 අතරට එක් වෙලා තිබුනා. ඔබ වැඩියෙන්ම භාවිතා කරන වායු සමීකරනය තිබුණේ 28 වෙනි ස්ථානයේ.
විශ්වාස කරන්න පුළුවන්ද මිනිස්සුන්ට අත්‍යවශ්‍යම දේවල් අතරට මේ වගේ භාණ්ඩ එකතු වෙයි කියලා. ඔබත් ලිස්ට් එකක් හදලා බලන්න ඔබේ ජීවිතේට අත්‍යවශ්‍යම භාණ්ඩ මොනවද කියලා. ඒ වගේම ඒ භාණ්ඩ ඇත්තටම ඔබේ ජීවිතයට නැතුවම බැරි දේවල් ද කියන එකත් ඔබම කල්පනා කරලා බලන්න