අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාරය කළහොත් නීතිමය පියවර

police law Internet sequrity cybercrimes
By Sithumi Apr 15, 2021 06:18 PM GMT
Report

අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ, දැනට පවතින නීතිය සංශෝධනය කර අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තුවන බවය. මුල්ලේරියාව ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා එම අදහස් පළ කළේය.