පළාත් අතර සංචරණයේ නවතම ක්‍රමය
පළාත් අතර සංචරණය සීමා කර ඇති බවට සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් වුවද බෝහෝ දෙනෙකු පළාත් මායිමේ දී බස්රථවලින් බැස පාගමනින් අනෙකු පළාතට ගමන් කරන බව වාර්තා වේ.
සබරගමුව පළාතට අයත් කෑගල්ල ප්‍රදේශයේ සේවය සඳහා පැමිණි පිරිස් පළාත් මායිමේ දී බස්රථයෙන් බැස මා ඔය පාලම පසුකර වයඹ පළාතට අයත් පොල්ගහවෙල දෙසට ගමන් කරන ආකාරය මෙලෙස වාර්තා විය.
රට විවෘත කර ඇති පසුබිමක සිය රාජකාරිවලට වාර්තා කිරීම අවශ්‍ය නිසා මෙලෙස ගමන් කරන ජනතාවද විශාල පීඩාවකට පත්ව සිටී. මේ පිළිබඳ අදහස් දැක්වු ජනතාව,
“අපි මේ කියන්නේ මොකද්ද මේ තේරුමක් නැති වැඩේ.“
“බස් එකෙන් නෙමෙයි. මිනිස්සුන්ගෙන් නේ බෝ වෙන්නේ ලෙඩ.“
“බස් දුවන්න කැමතියි. බස් දුවන්න දෙන්නේ නැති එකනේ තියෙන්නේ. දැන් මම කතාකලා ම පොලිස්පතිට කියන්නලු. පොලිස්පතිට කියලා අපිට මේක අයින් කරන්න බෑනේ. එහෙනම් රස්සාවට එන එක නතර කරන්න ඕනේ. “
මේ පිළිබඳ අදහස් දැක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, මෙලෙස පළාත් අතර සංචරණ සීමා කඩ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |