රිෂාඩ් බදියුදීන් ගැන ඉන්දීය බුද්ධි අංශයෙන් අනාවරණයක්...මුස්ලිම් පවුල් 05ක් අතුරුදන් වෙයි.

India Rizad badiyuden Inrelligence riveals Isis
By Aruna Apr 30, 2021 08:45 AM GMT
Report

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉන්දියාවේ කේරළය සමග පැවති සම්බන්ධතා පිළිබඳ ව ඉන්දීය ආරක්ෂක අංශ විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

රිෂාඩ් බදියුදීන් මහතා 2009 වසරේදී කේරළයේ කසරාගොඩ් ප්‍රදේශයේ සංචාරය කරමින් එහි ආගමික නායකයින් සමග සබඳතා පවත්වා ඇති බවට වී ඇති බව සදහන් වේ.

එමෙන්ම රිෂාඩ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2013 වසරේදී චෙන්නායි හි කළ සංචාරයක් අතරතුර අදාළ පාර්ශව සමග සබඳතා ගොඩනගා ඇති බවට අනාවරණ වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ සහ කේරළ පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

රිෂාඩ් බදියුදීන්ගේ පියා ද කසරාගොඩ් හි පඩ්නා ප්‍රදේශයේ පුද්ගලයෙක් වන ඔහු එම ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකු සමග සබඳතා පවත්වා ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණය කර තිබුණි.

මේ අතර කේරළ කසරාගොඩ් ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණ මුස්ලිම් පවුල් 05ක් එම ප්‍රදේශයෙන් අනතුරුදන්ව ඇති අතර ඔවුන් 2016 වසරේදී සිරියාවට පැනගොස් අයි. එස්. සංවිධානයට බැඳී ඇති බවට ද අනාවරණය වී ඇති බව සදහන් වේ.

ඔවුන් කිහිපදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ පිරිස් හමු වී ඇති බවට ද හෙළිවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියූදීන් ව පසුගිය 24 වනදා ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ අත්අඩංගුවටගත් අතර දින 90ක රැඳවුම් නියෝග මත ඔවුන්ගෙන් මේ වන විට ප්‍රශ්න කිරිම් සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa