ඒ දඩු ,වැල් දඩු පාලම් වෙනුවට ග්‍රාමීය පාලම් ...
ග්‍රාමීය පාලම් 5,000 ක් ඉදිකිරීමේ ජාතික වැඩසටහන 13 හා 14 දෙදින තුළ ලංකාව පුරා ක්‍රියාත්මක කෙරෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.
මෙම වැඩ සටහන යටතේ ඉදිරි සිව් වසර තුළ ඒ දඩු, වැල් පාලම් හා කුඩා පාලම් වෙනුවට ග්‍රාමීය පාලම් ඉදිකිරීමට නියමිතය.
රාජ්‍ය ඇමති නිමල් ලන්සා මහතා එසේ පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජා ඇල, මහදොල ඇල හරහා බණ්ඩාරගම පාරේ දඬුගම ඔය වම් ඉවුරේ පාලම සදහා මුල්ගල තැබු අවස්ථාවේදීය.
ජා ඇල ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු මහතාගේ යෝජනාවකට අනුව මෙම පාලමේ ඉදිකිරීම් ආරම්භ කරනු ලැබීය.
මෙම පාලම සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 23.3 කි. දිග මීටර් 12 ක් හා පළල මීටර් 4.5 ක් වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරමින්අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය මත ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාවය පිටුදැකීම සදහා වන ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ලංකාව පුරා ක්‍රියාත්මක කෙරේ.
මේ වසරේ පාලම් 1,000 ක් ඉදිකිරීමට සැලසුම් කර තිබිණ.නමුත් මෙවර අයවැය තුළින් පාලම් ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 9.5 ක මුදලක් වෙන් කර ඇත.
ග්‍රාමීය ජනතාවගේ දෛනික කටයුතු පහසු කරලීම, ජීවනෝපාය මාර්ග දියුණු කිරීම හා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට මෙමගින් හැකියාව ලැබේ. මහාමාර්ග අමාත්‍යාංශය, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය හා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතීගත සංස්ථාව ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද නිමල් ලන්සා මහතා වැඩි දුරටත් පැවසුවේය..