විදෙස් ශ්‍රමිකයන් ගෙන්වීමේදී තවමත් අසාධාරණකම් සිදුවනවා – කබීර් හශීම්

Injustice
By Thaya Jan 19, 2021 04:57 PM GMT
Thaya

Thaya

Report

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන මගින් ලාංකික ශ්‍රමිකයන්ට සිදුවන අසාධාරණය තවමත් සිදුවෙමින් පවතින බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතායි මෙම චෝදනාව එල්ල කලේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී ගුවන් ටිකට් පත් , නවාතැන් , ප්‍රවාහන පහසුකම් සහ පීසීආර් පරීක්ෂණ සදහා සාමාන්‍ය මුදලට වඩා වැඩි මුදලක් අයකිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙලෙස කරුණු පැහැදිලි කලා.

මේ අතර වෙළදපොලේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ගණන් ඉහළ යාම සම්බන්ධයෙන්ද කබීර් හෂීම් මහතාගේ අවධානය යොමු වුණා.

2020 යනු ශ්‍රී ලංකාවේ වැඩිම වී නිෂ්පාදනය වූ වසර බවත් නමුත් අද වනවිට වෙළදපොල සහල් මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් කබීර් හෂීම් මහතා කියා සිටියා.

ReeCha