තවත් මූලික රෝහලකින් ආසාදිතයන් සොයා ගැනේ

Covid-19
By Thaya Mar 26, 2021 05:49 PM GMT
Report

බිබිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා එම රෝහලේ 5 වාට්ටුවේ මාසයකට ආසන්න කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර සිදුකළ පී සී ආර් පරීක්‍ෂණයකදී ඔවුන් කොරෝනා ආසාදිතයින් බවට අනාවරණ වූ බවයි මොණරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය තුසිත අත්තනායක පැවසුවේ.

එම ආසාදිතයින් දෙදෙනා නිරෝධාය මධ්‍යස්ථානයකට යොමුකර බිබිල මූලික රෝහලේ 5 වාට්ටුව තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබෙනවා. පසුව රෝහල විෂබීජහරණයට ලක් කර එම වාට්ටුව යළි විවෘත කළ බවයි මොණරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා සදහන් කළේ.