කතරගමින් හමුවූ ආසාදිතයෝ

Covid-19
By Thaya Jan 27, 2021 08:29 PM GMT
Thaya

Thaya

Report

කතරගම මහා දේවාල භූමියේ පිහිටි "වල්ලි මාතා දේවාලයේ" ප්‍රධාන කපු මහතාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් - 19 වෛසරය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

පී.සී.ආර් පරීක්ෂණයෙන් ඊයේ (26) ඒ බව තහවුරු වී ඇති බව කතරගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී දේවනාරායන මහත්මිය පැවසුවාය.

ඒ අනුව එම දේවාල භූමිය විෂබීජහරණය කොට දේවාලයේ සේවකයින් සියලුදෙනා නිරෝධයට යොමුකර තිබේ.

ප්‍රධාන කපු මහතාගේ බිරිඳ පසුගියදා කතරගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ මළ ගෙදරකට සහභාගීවීම හේතුවෙන් දෙබරවැව රෝහලේ කොරෝනා ඒකකයට යොමුකර තිබු අතර එහිදි ඇය ආසාදිත බව තහවුරු වී ඇත.

ඇයගේ සැමියාවන දේවාලයේ කපු මහතාගේ PCR පරීක්ෂණය සිදුකර ඇත්තේ ඉන් අනතුරුවය.