කඩා වැටුණු ඉන්දුනීසියානු මගී ගුවන් යානය

Indonesia
By Thaya Jan 11, 2021 08:13 AM GMT
Thaya

Thaya

Report

ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර සිට දකුණු කලිමන්තන් ප්‍රාන්තයේ පිහිටි බෝර්නියෝ දුපත් බලා පියාසර කරමින් තිබු සිරිවිජයා ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක් කඩා වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 56 දෙනෙකු සිට තිබෙනවා.

ජාකර්තා අගනුවරින් ගුවන් ගතවී මිනිත්තු 05 කට පසුව මෙම ගුවන් යානය සහ ගුවන් පාළක මැදිරිය සමග පැවති සම්බන්ධතා බිඳ වැටී තිබෙනවා.

යානයේ බවට සැකකෙරෙන සුන්බුන් මුහුදෙන් හමුවී ඇති තිබෙන අතර මේ වන විට එම ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා.