ඉරානයේ ඉන්න ලාංකිකයන් ඉවත් කර ගන්න ඉන්දියාවේ සහය
Sri Lanka
India
Iran
Sinhala news
Iran-Israel War
By Hashini
ඊශ්‍රායලය හා ඉරානය අතර ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි මෙරටට පැමිණීමට අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දියාව ඉදිරිපත් වී තිබෙනවා.
මේ බව ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු විධිමත් ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය අද (21) ප්‍රකාශ කර ඇත.
මීට අමතරව ඉන්දියාව ඉරානයේ සිටින නේපාල ජාතිකයන්ටද මෙලෙසම සිය සහාය ලබාදීමට ඉදිරිපත්ව සිටියි.
අසල්වැසි රටවල් දෙකෙහිම පුරවැසියන් ඉවත්කිරීම 'සින්ධු මෙහෙයුම' යටතේ සිදුකරන බවයි ටෙහෙරානයේ ඉන්දීය තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියේ.
