ඉන්දියා ලෙජන්ඩ්ස් අවසන් සටනට... උණුසුම් තරඟයේ සියලු තොරතුරු.

India
By Thaya Mar 18, 2021 05:56 PM GMT
Report

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 12 කින් පරාජයට පත් කරමින්. උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු

03 ක් දැවී ලකුණු 218 ක් රැස් කළා. නායක සචින් තෙන්ඩුල්කාර් පන්දු 42 කදී ලකුණු 65 ක් රැස් කළේ හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් ද සමගින්. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ යුවරාජ් සිං පන්දු විස්සකදී ලකුණු 49 ක් රැස් කළ අතර යූසුෆ් පතාන් පන්දු 20 කදී ලකුණු 37 ක් රැස් කළා. විරේන්ද්‍ර ශෙවාග් පන්දු 17 කදී ලකුණු 35 යි. ටීනෝ ෆෙස්ට් ලකුණු 25 කට කඩුලු 02 ක් බිඳ හෙළුවා.

ලකුණු 219 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 206 ක් පමණයි. ඩ්වේන් ස්මිත් ලකුණු 63 යි. නායක බ්‍රයන් ලාරා ලකුණු 46 ක් රැස් කළා. පන්දු යැවීමේදී විනෙයි කුමාර් ලකුණු 26 කට කඩුලු 02 ක් දවා ගත්තා.