මරණීය දණ්ඩනය හිමි ෂේක් හසීනා ගැන ඉන්දියාවේ ප්‍රතිචාර
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව විසින් මරණ දඬුවම නියම කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සිය අදහස් පළ කර ඇත.
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
එම නිවේදනයෙන් ඉන්දියාව වාර්තා කර ඇත්තේ බංග්ලාදේශ ජනතාවගේ යහපත වෙනුවෙන් කැපවී සිටින බවත් සෑම විටම සියලු කොටස්කරුවන් සමඟ ඵලදායී ලෙස සම්බන්ධ වන බවත්ය.
එමෙන්ම අදාල තීන්දුව ඉන්දියාව සැලකිල්ලට ගෙන තිබෙන බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.