ඉන්දියානුවෝ බෝට්ටු මගින් ලංකාවට පැන එති.. සැගව සිටි පිරිසක් අල්ලති..

By Wasantha May 02, 2021 04:03 AM GMT
Report

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ පුත්තලම ප්‍රදේශයේ නිවසක සැඟව සිටි කාන්තාවක් සහ ඇගේ දරු දෙදෙනා සෞඛ්‍ය අංශ විසින් වහාම නිරෝධයට යොමුකර තිබේ. නමුත් ඇය සමග පැමිණි තවත් කාන්තාවක් සම්බන්ධයෙන් මේ දක්වා තොරතුරු වාර්තා වී නැත.

මේ අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පැන එන පිරිස් නවතාලීම සඳහා නාවික හමුදාව විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ශ‍්‍රී ලංකා ධිවරයන් මුහුද මැද දී ඉන්දීය ධීවරයන් සමග සමීපව කටයුතු කිරීම වහා නවතා දමන්නැයි විශේෂ දැනුම්දීමක් රජය විසින් ධීවර ප‍්‍රජාවට සිදුකර තිබේ. ඉන්දියාවේ කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් ඉන්දියානුවන් දේශසීමා හරහා අසල්වැසි රාජ්‍යයන් වෙත පලා යාම ආරම්භ කර තිබේ.

ගොඩබිම් මාර්ග ඔස්සේ ඉන්දියාව හා සම්බන්ධ බොහෝ රටවල් මේ වන විට සිය දේශසීමා වසා දමා ඇත.