උත්සව සමය ආසන්නවීමත් සමග අපරාධවල වර්ධනයක්

Police
By Thaya Mar 28, 2021 05:42 PM GMT
Thaya

Thaya

Report

උත්සව සමය ආසන්නවීමත් සමග මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරන අපරාධවල වර්ධනයක් මේ දිනවල පෙන්නුම් කරන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන ආශ්‍රීව කටයුතු කිරීමේදී සහ වෙළඳසැල් පවත්වාගෙනයාමේදී ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවට දැනුම් දෙන්නේ.