වසර 10කදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 5ක ශ්‍රමිකයින් 6,500ක් කටාරයේදී මිය ගිහින්
ශ්‍රී ලාංකික, ඉන්දීය, නේපාල, බංග්ලාදේශ, සහ පාකිස්තාන විදෙස් ශ්‍රමිකයින් විශාල පිරිසක් පසුගිය වසර 10 තුළදී කටාර් රාජ්‍යයේදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඉන් බහුතරයක් මියගොස් ඇත්තේ එරට ක්‍රීඩාංගණ ගොඩනැගීමට පැමිණි විදෙස් ශ්‍රමිකයින් වේ. කටාර් රාජ්‍යයේදී 2022 දී ලෝක පාපන්දු කුසලාන අවසන් තරඟාවලිය පැවැත්වීමට නියමිතය. එම මාධ්‍ය වාර්තා අනුව මියගොස් ඇති විදෙස් ශ්‍රමිකයින් ගණන 6,500 ඉක්මවයි. ඒ අනුව ප්‍රධාන වශයෙන් අධික ලෙස වැඩෙහි යෙදවීම හේතුවෙන් 2010 දෙසැම්බර් සිට 2020 දෙසැම්බර් දක්වා සෑම සතියකටම එම ආසියානු රටවල් 5න් පැමිණි විදෙස් ශ්‍රමිකයින් 12 දෙනා බැගින් මියගොස් තිබේ. එම වාර්තාවේ දැක්වෙන ආකාරයට ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාවෙන් ලබාගත් දත්ත අනුව 2011-2020 කාලය අතරතුර විදෙස්ගත ශ්‍රමිකයින් 5,927ක් මියගොස් ඇති අතර 2010 - 2020 අතරතුර පාකිස්තානුවන් 824 දෙනෙකු කටාර් රාජ්‍යයේදී මියගොස් ඇති බව ට වාර්තා වේ.