විදෙස්ගත ශ‍්‍රමිකයන් ගෙන්වීම මහා ජාවාරමක්.. එම ජාවාරම්කරුවන් හෙලි කරනවා.. ඇමතිවරයෙකු කියයි.

Sri Lanka
By Thaya Jan 09, 2021 05:49 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අසරණ වී සිටින විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරට රැගෙන ඒ මේ දී මහා සූරා කෑමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.

ගුවන් යානාවේ ප්‍රවේශ පත්‍රයේ වෙන් කිරීමටත්, එහි ප්‍රමුඛතාව ලබා දීමටත්, හෝටල් වල නිරෝධායනයට යොමු කිරීමටත් මෙම ජාවාරම ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ඔහු පැවසීය.

දිගින් දිගටම මෙය සිදුවන්නේ නම් මෙම කටයුත්ත සිදු කරන අය පිළිබඳව හෙළිදරව් කිරීමට තමන් කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළා.

ඇතැමුන් තම ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් මේ ආකාරයේ කටයුතු කරන බවත් එවන් කටයුතු හරහා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට ඉඩ දිය නොහැකි බවත් ඒ මහතා කියා සිටියා.

පාර්ලිමේන්තුව අමතමින් ඇමැතිවරයා අද මෙම අදහස් පළ කළා.