ලාංකිකයින් ගෙන්වා ගැනීම ඉදිරි සතියේ සිට ඉහළට – නිරෝධායනය වන්න මුදල් ගෙවිය යුතු නෑ

Sri Lankans
By Thaya Jan 07, 2021 10:18 PM GMT
Report

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රමිකයින් සියලූ දෙනාට රජය යටතේ ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වීමට අවස්ථාව හිමි වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් ඉදිරි සතියේ සිට ඉහළ දමන බවයි.

ඒ අනුව මුදල් ගෙවා නිරෝධායන වීම අනිවාර්ය නොවන බව ඔහු සිය පණිවුඩය තුළින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.