අන්තවාදී ඉස්‌ලාමීය පොත් මෙරටට ගෙන්වීම තහනම්

Religion
By Thaya Mar 10, 2021 07:17 PM GMT
Report

මැදපෙරදිග රටවල සිට අන්තවාදී ඉස්ලාමීය ග‍්‍රන්ථ මෙරටට ආනයනය කිරීම රජය විසින් තහනම් කර ඇත. මේ හැර ආනයනය කරනු ලබන සියලූම ඉස්ලාමීය ආගමික ග‍්‍රන්ථ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණයට යොමුකරන ලෙස ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා රේගුවට නියෝග කර තිබේ. මෙයට පෙර අන්තවාදී ඉස්ලාමීය ආගමික ග‍්‍රන්ථ ඉවක් බවක් නැතිව මෙරටට ගෙන්වා මද්රාසා යන ආරූඪ පාසල්වලට බෙදාහැර තිබේ. මෙම අන්තවාදී ඉස්ලාමීය ත‍්‍රස්ත ආනයනය කිරීමට ඇතැම් මුස්ලිම් දේශපාලකයන්ගේ සහයාද ලැබී ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය. පාකිස්තානය කටාර් සහ සෞදි අරාබියාව යන රටවලින් මෙම අන්තවාදී ඉස්ලාමීය ග‍්‍රන්ථ මෙරටට ගෙන්වා තිබේ.