අලි සබ්රි ඇමතිකමෙන් නෙරපා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලීමක්
Ministry
By Thaya
අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා එම ධුරයෙන් නෙරපා වහාම අත් අඩංගුවට ගතයුතු යැයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ කියා සිටිති.
භූමදානය කිරීමට නොදුනහොත් මුස්ලිම් තරුණයන් ආයුධ අතට ගනු ඇතැයි අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය ඉතා බරපතල එකක් නිසා ඔහු අත්අඩංගුවට ගත යුතුව ඇතැයිද ඒ හිමියන් කියා සිටියහ.
උන්වහන්සේ මෙම අදහස පළ කරන ලද්දේ ‘සාහසික වියරුව පරාජය කරන ජනතා ව්‍යාපාරය’ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.