මාත් හොද ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක්.. හොදට බැට් කරන්න පුළුවනි..- ක‍්‍රිකට් නිලවරනයට එන බත්තරමුල්ලේ සීලරතන හිමි

Seelarathna Thero
By Thaya Feb 25, 2021 05:53 PM GMT
Thaya

Thaya

Report

තමන් වහන්සේද හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවත් තමන්ට ද හොඳට පිතිකරණයේ යෙදීමට හැකි බවත් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ සඳහන් කරති. නමුත් තමන් වහන්සේ ක්‍රීඩා කරන්නේ කළේ සැහැල්ලු පන්දු මිස ලෙදර් පන්දු නොවන බවද උන්වහන්සේ පවසති. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති තනතුරට නාමයෝජනා දිම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටිති. තමන් නිලවරණයට එන්නේ හොර ගුහාවක් වන ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන් මුදා ගැනීමට බවත් දූෂණයට වංචාවට ඉඩ නොදෙන බවත් උන්වහන්සේ කියා සිටිති. තමන් පසුපස විශාල කණ්ඩායමක් සිටිනා බවත් මෙසේ නිලවරණයට ඉදිරිපත් වන්නේ ඔවුන් සමග සාකච්ඡාවෙන් අනතුරුව පවසන උන්වහන්සේ පැවසූහ. අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හිමියෝ මෙම අදහස් පල කරන ලදී.