නීති විරෝධී ලෙස ආනයනය කළ කහකුඩු තොගයක් රේගු දැලේ

Turmeric
By Thaya Jan 05, 2021 06:13 PM GMT
Thaya

Thaya

Report

නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද රු. 15,000,000 / - ක් වටිනා කහ කුඩු කිලෝග්‍රෑම් 7,500 ක් රේගු අවදානම් කළමනාකරණ ඒකකය (Risk Management Unit ) මගින් පසු ගියදා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම භාණ්ඩ තොගය තිරිඟු පිටි කිලෝග්‍රෑම් 19,350 ක් ලෙස විස්තර කර රේගුව වෙත ප්‍රකාශය ඉදිරිපත් කරමින් ආනයන කර ඇති අතර එහි ප්‍රාකාෂිත වටිනාකම රු. 1,550,000 / - කි.

සිදු කරන ලද රේගු පරීක්ෂණදී කහ කුඩු කිලෝග්‍රෑම් 7,500 ක් සහ තිරිඟු පිටි කිලෝග්‍රෑම් 11,850 ක් සොයා ගන්නා ලදී

අඩි 1 x 20 ක බහාලුමක් තුල ඉන්දියාවේ සිට ආනයනය කරන ලද බහාලුම රේගු භාරයේ රඳවාගෙන ඇති අතර මූලික පරීක්ෂණ RMU කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලදී.

මෝදර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් මෙම ආනයනය සිදු කර ඇති අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු රක්ෂිත බන්ධනාගාර කරනු ලැබීය.

මෙම රේගු විමර්ෂණය අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්. ආනන්දේශ්වරන් හා රේගු අධ්‍යක්ෂ ඩී.ඒ.එස්. චන්ද්‍රසිරි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත් ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර රේගු අධිකාරී කැලුම් තුෂාර, සුරේන්ද්‍ර අමරසිංහ, ඉඳුනිල් බණ්ඩාර, පුලස්ති ලක්ෂාන් හා තරිඳු පරණමාන යන මහත්වරුමෙම වැටලීම සිදු කළහ.

Gallery