Mask නොදැම්මොත් PCR පරික්ෂණයට

Mask PCR tests
By Thaya Jan 05, 2021 06:12 PM GMT
Report

මහමග සහ මහජනතාව ගැවසෙන ස්ථානවලදී මුහුණු ආවරණ නොපළදින තැනැත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අමතරව එවැනි තැනැත්තන් පී සී ආර් පරික්ෂණයකට හෝ රැපිඞ් ඇන්ටිජන් පරික්ෂණයකට ලක්කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

මුහුණු ආවරණ නොපැළදීම මගින් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වේගවත්වන බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජි්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මුහුණු ආවරණ නොපැළදි සහ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 74 දෙනෙකු ගතවූ පැය 24 තුල අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු සදහන් කළා.