“පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුනොවුණොත් ජාත්‍යන්තර අධිකරණයට යනවා”
Justice
By Thaya
පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පාර්ශව වලට එරෙහිව මෙරට තුළ නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යෑමට සුදානම් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලූ නමුත් මෙතෙක් එය නොලැබුණු බවයි උන්වහන්සේ කියාසිටියේ. අද පෙරවරුවේ අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කලා.