IDH රෝහලේ ධාරිතාව ඉක්මවා කොවිඩ් රෝගීන් - ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළට

doctors nurse angoda hospitel national hospitel special training
By Sewvandhi Apr 22, 2021 12:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අයි.ඩී.එච් රෝහලේ පවතින ඉඩ ප්‍රමාණයට වඩා මේවන විට රෝගීන් ඇතුළුත් කර ඇති බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි. එහි රෝගීන් 120 දෙනෙකුට ඉඩ පහසුකම් පවතින අතර මේවන විට කොවිඩ් ආසාදිතයන් 138 දෙනෙකු එහි ප්‍රථිකාර ලබයි. එමෙන්ම එහි දැඩිසත්කාර ඒකකයේ ඇති ඇඳන් 08ම පිරී ඇති බව සඳහන් වේ. එම රෝහලේ සිටින ආසාදිතයන්ගෙන්ගෙන් සියයට 20ට පමණ ඔක්සිජන් ලබා දී තිබේ.

ඒ සමඟ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළගොස් ඇති බව වාර්තා වේ. සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ආසාදිතයන් ඇතුළත් කිරීම ඉහළ ගොස් ඇති බවද එම රෝහලේ ආරංචි මාර්ග මගින් තහවුරු කළේය. මේ අතර කොවිඩ් ආසාදිතයින් ඉහළ යාමත් සමග කොළඹ ජාතික රෝහලේ පවතින තත්ත්වය පිළිබඳව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා මෙලෙස අදහස් පළ කළේය.

“ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලයත් වෛද්‍ය කාර්ය මණ්ඩලයත් මෙවැනි සංකූලතාවයක් ඇති වුවහොත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමට විශේෂයෙන් පුහුණුව ලබලා, ඒ සම්බන්ධයෙන් සුදානමින් සිටිනවා.“