මට ගැහැණු දෙන්නෙක් ඉන්නවා... ඇයි මොකද ? කාටවත් ප්‍රශ්නයක්ද ?

two wifes
By Thaya Jan 12, 2021 06:59 PM GMT
Thaya

Thaya

Report

පාස්කු දින බෝම්බ ප්‍රහාරය ඉන්දියාවේ වැඩක් බවත් එය පරීක්ෂණ කරන්නේ නැතිව යට ගසමින් ඇති බවත් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සදහන් කරයි.

තවුහිත් ජමාත් සංවිධානයට ජාත්‍යන්තර ආධාර ගලා එන බවත් එම සංවිධානය පාලනය කරන්නේ ආණ්ඩුව විසින් බවත් ඔහු කියා සිටී.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි.

තමන්ට බිරින්දෑවරුන් දෙදෙනෙකු සිටින බවත් අනෙක් අය හොරෙන් කරන දේ තමන් එළිපිට කරන බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.