ධුරයෙන් ඉවත් වීමෙන් පසු මට පිළිකාවක් හැදුනා - චන්ද්‍රිකා කියයි
තමන්ට පිළිකාවක් වැළඳුණු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.එය මූලික මට්ටමේ දී ම හඳුනා ගත් නිසාය සුව කරගත් බවද ඇය පවසයි.අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක් වෙමින් ඇය මෙම අදහස් පල කර තිබේ.
" දේශපාලනය නොකළා නම් දැනට වැඩිය පෝසත් කාන්තාවක් වෙයි.දැනට වැඩිය සෞඛ්‍ය සම්පන්නයි කියලා මම කියන්නේ නෑ ඇත්ත වශයෙන්ම මගේ සෞඛ්‍යය එච්චර ප්‍රශ්නයක් නෑ. හැබැයි මම දැන් එක එක ඇත්තක් කියන්නම්. මට කැන්සර් එකක් හැදුනා. මම බලයෙන් ගිහිල්ලා අවුරුදු හයක් යනකොට කැන්සල් එකක් හැදෙන්න හේතු තියෙන්න ඕනෑ .ඒ එකක්වත් මට තිබුණේ නෑ.සිගරට් බොන්න ඕනේ ඕනේ, ඕනවට වැඩිය ඇල්කොහොල් ගන්න ඕනේ, ඕනවට වැඩිය මහත් වෙන්න ඕනේ , එකේ එක කරුණක් තියෙනවා මානසික පීඩනය.බලෙන් ගියාම මට පුදුමාකාර පීඩනයක් වදයක් දුන්නා.මම හුඟක් දුක් වින්දා එකින්.ඊට පස්සේ මගේ පක්ෂයත් ඒකට සම්බන්ධ වුණා.ඒ ගොල්ලන්ට මට කතා කරන්න එපා කීවා. මාව තනි කෙරුවා.ඒක නිසා වෙන්න ඇති මගේ දුව නම් කියන්නේ, මට පියයුරු පිළිකාවක් ආවේ.මගේ වාසනාවට ඒක පළමු පලමු අදියරයේදී හොයා ගත්තා.භයානක ප්‍රතිකාර කරන්න වුණේ නෑ . රේඩියෝ තෙරපි විතරක් කරලා සනීප වුණා.දැන් අවුරුදු නවයක් දහයක් වෙනවා."