කොරෝනා නිසා හෝටල් සේවකයන් ලක්ෂ ගණනක් මහපාරට

Protest
By Thaya Feb 14, 2021 04:41 PM GMT
Report

කොරෝනා වසංගතය හමුවේ දැඩි බලපෑමකට ලක්ව සිටින මෙරට හෝටල් සේවකයන් මුහුණදෙන ගැටලු වෙනුවෙන් රජය කිසිඳු මැදිහත්වීමක් කර නොමැති බවට හෝටල සේවක එකමුතුව සංවිධානය චෝදනා කරනවා. සෘජු සහ වක්‍ර ආකාරයෙන් සංචාරක ක්ෂේත්‍රයට අදාල සේවක සේවිකාවන් ලක්ෂ 6ක පමණ පිරිසක් මේවනවිට විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙරට හෝටල සේවකයන් මුහුණ දෙමින් සිටින අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් හෝටල් සේවක එකමුතුවේ කැඳවුම්කරු සුජිත් ප්‍රසන් නමහතා නිවුස් රේඩියෝවට මෙලෙස අදහස් දැක්වුවා.