නිවැරදිව උදේ ආහාරය ගන්නේ කොහොමද?
මුළු දවසම ක්‍රියාකරවන්න අවශ්‍ය ශක්තිය උදෑසන ආහාරයේ ගැබ්වී තිබෙනවා. රැකියාවට, පාසලට කඩිමුඩියේ පිටත්වන නිසා අපිට ගොඩක් වෙලාවට උදෑසන ආහාර වේල මගහැරෙනවා. මේ පුරුද්ද ශාරීරික සුවතාවයට විශාල ලෙස බාධා පමුණුවනවා. උදේ නැගිටිනවා කියන්නෙ අපි හරි අකමැත්තෙන් සිදු කරන දෙයක්නෙ. ඉතිං ටිකක් වැඩිපුර නිදාගෙන උදේටත් නොකා වැඩට දුවන්න අපි පෙළඹිලා ඉන්නවා. ආහාර පිළියෙල කරනවා කියන එක හිසරදයක් කරගන්නේ ඇයි? අපි අපේ ආහාර වේල ඕනවට වඩා සංකීර්ණ කරගෙන. ඉතා ඉක්මනින් වඩාත් පෝෂ්‍යදායි ආහාර වේලක් සකස්කර ගනනේ කොහොමද කියල අපි කියලා දෙන්නම්. උදේ ආහාරයට ධාන්‍ය වර්ගයක් තම්බලා ගත්තොත් කොහොමද? කලින් දවසේ රාත්‍රියට ඒ ධාන්‍ය පෙඟෙන්න දමා තිබුණා නම් පහුවදා පාන්දරට තම්බගන්න ඉතාම පුංචි වෙලාවයි ගතවෙන්නෙ. ප්‍රෙෂර් කුකර් එකක් තිබුණා නම් මේ කටයුත්ත තවත් පහසුයි. ඊට අමතරව කෙසෙල් වැනි පළතුරක් හෝ පළතුරු පානයක් එක්කර ගත්තානම් ඔබ උදේට රජෙක් වගේ ආහාර අරගෙන ඉතාම ප්‍රබෝධයෙන් දවස පටන්ගන්නවා.
අපි ආහාර ගන්නෙ කුසගින්නට. ඒත් ආහාර ගැනීමේ අවශ්‍යතා අතර කුසගින්න කියන කාරණය ද්විතියිකයි. පළමුවෙන්ම අප ආහාර ගතයුත්තේ පෝෂණ අවශ්‍යතා පිළිබඳ හැඟීමෙන්. එහෙම නැතිවුණෙත් අපි බඩ පුරවන්න උත්සාහ ගන්නවා විතරයි. සාමාන්‍යයෙන් ආහාර වේලෙන් කුසගින්න නිවෙනවා වගේම පෝෂණ අවශ්‍යතාවත් සම්පූර්ණ වෙනවා. ඒ නිසා ආහාරයේ ගුණාත්මක බව කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වීමෙන් නිරෝගී දිවියක් ගතකරන්න පහසුයි. බඩ පිරවීමෙන් ලැබෙන්නෙ ඉතාම කෙටි සතුටක් . නමුත් ගුණාත්මක ආහාර වේලක් හිත පිරෙන්නට ලබාගැනීමෙන් දිගුකාලීන සතුටක් ළඟාකරගන්න පුළුවන්. ආහාර වේල් තුනටම ශාක ආහාරයක් එකතුකර ගැනීමට පුළුවනි නම් ඉතාම හොඳයි. ඊට අමතරව,
මෙම වර්ගයන්හි ආහාර අඩංගු ආහාර වේලක් ලබාගැනීම කුසගින්නට වගේම පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමටත් සුදුසුයි. මීට අමතරව ආහාර වේලට තෙල් ආහරයක් ඉඳහිට එක් කරගත්තාට වරදක් නැහැ. සාමාන්‍යයෙන් අපි ආහාරය සඳහා මිලදී ගන්නා බොහෝ නිෂ්පාදන වල අඩංගු කැලරි ප්‍රමාණය වගේම පෝෂණ සංඝටකත් ප්‍රදර්ශනය කර තිබෙනවා. මේ නිසා තමන්ගේ සෞඛ්‍ය තත්වය ගැන සැළකිල්ලෙන් ආහාර ලබාගන්න පුළුවන්. අහිතකර ආහාර වලින් වැළකී ඉන්නත් පුළුවන්.සාමාන්‍යයෙන් වැඩිහිටි පුද්ගලයෙක් දිනකට ලබාගතයුතු පෝෂණ ප්‍රමාණයන් මේ ආකාරයෙන් දක්වන්න පුළුවන්.
දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් වැඩිහිටියන් වැඩි අවධානය යොමු කළ යුතුයි. එතනදිත් උදේ ආහාරය වැදගත්. පාසල් කාලයේදී දරුවන්ට ලබාදෙන ආහාර වේල පිළිබඳව හෝ රාත්‍රී කාලයේදී ඔවුන්ට ලබාදෙන ආහාර වේල සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් තබන්න බැහැ. දරුවන්ගේ කාර්යක්ෂමතාව රැඳී තිබෙන්නේ අපි ඔවුන්ට ලබාදෙන ආහාර වේලේ ප්‍රමාණයට. අමතර පන්ති, තෙහෙට්ටුව වැනි ගැටළු නිසා දරුවන් දහවල් සහ රාත්‍රී ආහාර සම්බනධයෙන් එතරම් උනන්දු නැහැ. මේ නිසා ඔවුන්ගේ උදේ ආහාරය සම්බන්ධයෙන් සැළකිළිමත් වීම අනිවාර්යයෙන් කළ යුතුයි.ආහාර පිසීම වගේම ආහාර ගැනීමත් විනෝදයක් බවට පත්කර ගැනීමෙන් මේ කිසිවක් හිසරදයක් බවට පත්වන්නේ නැහැ. සංකීර්ර්ණ ජීවන රටාවන්ගෙන් මිදී ආහාර පිසීම වැනි කාර්යයන් හැකිතාක් පහසු කරගැනීමට උත්සාහ ගන්න. පහසුවෙන් වැඩි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් ලබාගත හැකි ආහාර වර්ග අඳුනාගන්න. එවිට ඔබට ඔබේ ආහාර සම්බන්ධයෙන් අනවශ්‍ය තරම් කරදර වීමට සිදුවන්නේ නැහැ.