විදේශීය සිගරැට් ජාවාරමට කන කොකා හැඩු හැටි...

Foreign
By Thaya Mar 05, 2021 07:42 PM GMT
Thaya

Thaya

Report

පොල්හේන ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී රුපියල් විසි දහසක් (20 000/)වටිනා විදේශීය සිගරැට් තොගයක් ළග තබාගෙන සිටි සැකකරුවක් මාතර සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සිගරැට් තොගයේ තීරු බදු නොගෙවු සිගරට් 368ක් තිබු බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි. මෙම සැකකරු නීත්‍යානුකූල සිගරැට් පැකට් තුල සගවා විදේශීය සිගරැට් අලෙවි කරමින් සිටියදී කොටු කර ගත් අතර විදේශීය රටක නිෂ්පාදිත , මුද්‍රා නොකැඩු, බදු නොගෙවු සිගරට් තොගයෙන් යම් ප්‍රමාණයක් ද සොයා ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මාතර පොල්හේන ප්‍රදේශයේම පදිංචි‍ අවුරුදු 55ක පමණ අයෙකු බවට තොරතුරු හෙලීවී තිබේ.

අදාල සැකකරු මේ මස 08 වැනිදින දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතා වෙත ඉදිරිපත් කොට දඩුවම් නියම කිරීමට නියමිතය. දකුණු පලාත් වැඩ බලන සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් මත ,මාතර සුරාබදු අධිකාරී ජගත් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ, මාතර සුරාබදු ස්ථානාධිපති සුරාබදු පරීක්ෂක එම්.බී. විජේරත්න මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂකවරුන් වන සම්පත් නයනප්‍රිය , බුද්ධික චමින්ද, සුරාබදු කෝප්‍රල් 710 ජයන්ත සුරාබදු නියාමකවරුන් වන 1095 විශ්ව, 1116 පූජන්ත හා සුරාබදු රියදුරු ඒකනායක යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.