අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුව දෙවන ප්‍රහාරය වැලකී ගිය හැටි(VIDEO)

Easter attack April 21
By Sithumi May 02, 2021 04:01 PM GMT
Report

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුව දෙවන ප්‍රහාරයක් එල්ල කිරීමට සහරාන් ඇතුළු අන්තවාදීන් සැලසුම් කර තිබූ බව පසුව විමර්ශන අංශ වලින් තහවුරු කර ගත්තා. නමුත් එම දෙවන ප්‍රහාරය වැලකී ගියේ විශේෂ පුද්ගලයෙකු ආරක්ෂක අංශ වලට ලබාදුන් ඔත්තුවක් හේතුවෙන්.

ඔහු හිරු ප්‍රවෟත්ති වෙත කරන විශේෂ හෙළිදරව්වක් මේ. අහිංසක ජීවිත 250ට අධික ගණනකට මරු කැඳවමින්, ඊටත් වැඩි පිරිසක් සදාකාලික වින්දිතයින් බවටත් කරවමින් 2019 අප්‍රේල් 21 එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය මෙරට ජනතාවට අමතක කල හැක්කක් නොවේ.

සහරාන් ඇතුළු ත්‍රස්තවාදීන් 21 වෙනිදා ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව දෙවන ප්‍රහාරයකට සූදානමින් සිටි බවට ආරක්ෂක අංශ තොරතුරු හෙළි කර ගත්තේ නැගෙනහිර ස්ථාන කිහිපයකින් පුපුරණ ද්‍රව්‍ය හමුවීමත් සමඟයි.

ආරක්ෂක අංශ වලට එම මෙහෙයුම පහසු වන්නේඅදාල පුපුරණ ද්‍රව්‍ය සයින්දමරුදු දක්වා රැගෙන ගිය ලොරි රථයේ රියදුරුගේ බුද්ධිමත් තීරණයක් හේතුවෙන්.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now