කිහිපදෙනෙක් එක්ව පුද්ගලයෙකුට පහර දෙන අයුරු

Attack
By Thaya Apr 08, 2021 07:29 PM GMT
Thaya

Thaya

Report

වව්නියාව, තිරුනාවට්කුලම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට කිහිපදෙනෙකු විසින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙමින් පවතී. එහිදී එම පුද්ගලයින් විසින් තවත් තරුණයෙකුට පොරොවකින් සහ කඩුවලින් පහරදෙන අයුරු දැක්වේ. එම ගැටුමට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් සැකපිට අද (08) අත්අඩංගුවට ගෙන තිබේ. සිදුවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල රෝහල්ගත කර ඇතැයි “ වාර්තාකරු පැවසීය. පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ගැටුම ආරම්භ වී ඇතැයි පොලීසිය සැක පළ කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධියසම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.