අදික වේගය තවත් තරුණ ජීවිතයක් බිලිගත් හැටි

Police
By Thaya Apr 06, 2021 05:41 PM GMT
Thaya

Thaya

Report

බදුල්ල, කහටරුප්ප - වැල්කැලේ මාර්ගයේ දී සිදුවූ යතුරුපැදි අනතුරකින් 25 හැවිරිදි තරුණයෙක් මියගොස් තවත් තරුණයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ. එම අනතුර අද (05) සිදුවී තිබේ වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය විදුලි කණුවක ගැටී එම අනතුර සිදුව ඇති අතර අදාළ අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදියේ තරුණයින් තිදෙනෙකු ගමන් කර ඇති බව වාර්තා වේ. එම තරණයින් තිදෙනාගෙන් කිසිවෙක් ආරක්ෂිත හිස් වැසුම් පැළඳ නොසිටි බව අප වාර්තාකරු පැවසීය.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ වැල්කැලේ වැව ළඟ පදිංචි එස්. එම්. සමීර මධුසංඛ නම් තරුණයෙකි. යතුරපැදියේ මැද වාඩිවී සිටි තරුණයා බරපතළ තුවාල ලබා ඇති අතර ඔහු බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය. යතුරුපැදියේ පිටුපස ගමන්කළ තරුණයාට විසිවීම නිසා කිසිදු තුවාල නොලබා ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පව