දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික රථවාහන තද බදයක්.(VIDEO)

Police Mathara High way traffice Sothern high way Kottawa
By Aruna May 03, 2021 04:57 AM GMT
Aruna

Aruna

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම අසළ අද (03) උදෑසන අධික රථවාහන තදබදයක් දක්නට ලැබෙන බව“අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ සේවකයින් කිහිපදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමත් සමග එම පිවිසුමේ ප්‍රවේශපත් කවුළුව තාවකාලිකව වසා දැමුණි.

ඒ හේතුවෙන් මාතර දෙසින් පැමිණෙන වාහනවලට කහතුඩුව ප්‍රවේශපත් කවුළුවෙන් මුදල් ගෙවා අධිවේගී මාර්ගයෙන් පිටවීමට සිදුවිය.

මේ වන විට කොට්ටාව අන්තර් හුවමාරුවේ සේවකයින් 12 දෙනෙකුට, කඩුවෙල අන්තර් හුවමාරුවේ සේවකයින් සිව් දෙනෙකුට හා අතුරුගිරිය අන්තර් හුවමාරුවේ එක් සේවකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් මහතා පැවසීය.