කොරෝනා වසංගතයත් එක්ක අධිකරණය දුන් තීන්දුව මෙන්න...

High court
By Aruna Aug 30, 2021 04:33 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් හදිසි අත්‍යවශ්‍ය නඩු පමණක්, විවෘත අධිකරණයේ කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ගෙන තිබූ තීරණය තවදුරටත් දීර්ඝකර තිබේ.

ඒ අනුව, අත්‍යවශ්‍ය නඩු පමණක් විවෘත අධිකරණයේ කැඳවීම ලබන 03 වනදා දක්වා දීර්ඝකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා සඳහන් කළා.

එලෙස විවෘත අධිකරණයේ කැඳවීමට අවශ්‍ය හදිසි හා අත්‍යවශ්‍ය නඩු අදාළ පාර්ශවකරුවන්ට දැනුම්දීමෙන් පසු සහ මෝසමක් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව කැඳවිය හැකි බව ඒ මහතා පවසනවා.

එම නඩු විභාගයන් පෙරවරු 11.00ට ආරම්භකරන බව ද ඔහු සඳහන් කළා.

ඒ අනුව, විනිසුරුවරයාගේ අවසරයකින් තොරව අදාළ නඩුවලට සම්බන්ධ පාර්ශවකරුවන්ට අධිකරණ ශාලාවට ඇතුළුවිය නොහැකි බවත් සියලුම නීතීඥවරුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha