මාර්තු 07 ඉරිදා කරන්න යන දේ මෙන්න.

Sunday
By Thaya Mar 01, 2021 06:10 PM GMT
Thaya

Thaya

Report

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව සත්‍ය සාධාරණය ලබාදෙන ලෙස දෙවියන්ට කරන කන්නලව්වක් වශයෙන් ලබන 7 වැනි ඉරිදා කළු ඉරිදාවක් වශයෙන් නම් කිරීමට කතෝලික සභාව තීරණය කර ඇත. කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හා රදගුරු මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

මේ අනුව ලබන ඉරිදා දෙව් මැදුරුවලට පැමිණෙන සියලූම බැතිමතුන් කළු පැහැති ඇඳුමින් සැරසී දෙව් මැදුරුවලට පැමිණිය යුතු බව මේ පිළිබඳව කළ විමසීමකදී දළුගම මීසම පාලක වික්ටර් ජයමාන්න පියතුමා උපුටා දක්වමින් ‘දිවයින’ පුවත්පත වාර්තා කර සිටින්නේ. මෙම සිද්ධිය පසුපස සිටින ඝාතකයන් හෙළිකර දෙන ලෙස විපතට පත් ජනතාව වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරන බවද වික්ටර් ජයමාන්න පියතුමා වැඩිදුරටත් කියා සිටියේ. ( මුලාශ්‍ර : දිවයින පුවත්පත)