ගැටුම් මැද මියන්මාරයේ තත්වය මෙන්න : 200ක් ජිවිතක්ෂයට

Myanmar
By Thaya Mar 18, 2021 05:55 PM GMT
Report

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව එරට රට වැසියන් විසින් සිදුකරනු ලබන විරෝධතා හේතුවෙන් මේ වන විට එරට ප්‍රධාන නගරය වන යැන්ගුන් කලු දුමාරයෙන් පිරි ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මේ වන විට ඇතිව තිබෙන විරෝධතා මැඩලීමේදී පුද්ගලයින් 200 දෙනෙකු පමණ මියගොස් ඇති අතර එරට බොහෝ ප්‍රදේශවලට මේ වන විට හමුදාව විසින් යුද නීතිය පනවා තිබෙනවා.

මේ අතර ශුද්ධෝත්තම පාප්වහන්සේ විසින් මියන්මාරයේ ඇතිව ප්‍රචන්ඩත්වය වහාම නවත්වන ලෙසට ද ඉල්ලීමක් කර තිබෙනවා.

මියන්මාරයේ බොහෝ වැසියන්ට මේ වන විට අන්තර්ජාල පහසුකම් ද අත්හිටුවා ඇති බවයි වාර්තා වනවා.

මේ වන විට යැන්ගුන් නගරයේ මාර්ගවල විරෝධතාකරුවන් විසින් තාවකාලික මුරකපොලු ආදිය ඉදිකරමින් මියන්මාර හමුදාවන්ට පෙට්ට්‍රෝල් බෝම්බ එල්ල කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery