ගස් කැපීම සම්බන්ධයෙන් ලඟදීම එන අලුත්ම නීතිය මෙන්න.

Logging
By Thaya Mar 16, 2021 06:10 PM GMT
Thaya

Thaya

Report

අවසරයකින් තොරව පොල් ගස් කැපීම නතර කිරීම සඳහා ඉදිරියේදී නව නීති හදුන්වාදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට පොල් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතින බැවින් රට තුළ ද පොල් මිල ඉහළ ගොස් ඇති බවය. ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. "විශාල නිෂ්පාදනයක් රටේ සිදු කරන්න අවශ්‍යයි. පොල් ඉඩම් කට්ටි කිරීම අපි ඉතාම ක්‍රමානුකූලව සීමා කරමින් තිබෙනවා. වර්තමානයේ පවතින්නේ අක්කර 10කට වඩා වැඩි ඉඩමක් කොටස් වශයෙන් වෙන් කරනව නම් තමයි අවසර ගන්න අවශ්‍ය. අපි ඒක ඉදිරියේදී හෙක්ටයාර් 1 දක්වා අඩු කරන්න බලාපොරොත්තු වෙනවා."