මුළු දිවයිනේම 11 වසර පටන් ගන්න දිනය කියයි...ප්‍රතිඵල නිකුත් කරන දිනයත් මෙන්න.

Results
By Thaya Jan 05, 2021 06:13 PM GMT
Thaya

Thaya

Report

බස්නාහිර පළාත ඇතුළු දිවයිනේ සියලු පළාත්වල පාසල්වල 11 වන ශ්‍රේණි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන 25 වනදා සියලු පාසල්වල 11 වන ශ්‍රේණි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

කෙසේවෙතත් අදාළ දිස්ත්‍රික්කවල හුදකලා කරඇති ප්‍රදේශවල පවතින පාසල් තවදුරටත් වසා තැබෙන බව අද (04) පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

"සාමාන්‍ය පෙළ විභාගය පවත්වන දින දැනටමත් ප්‍රකාශයට පත්කරලා තියෙනවා. මේ වසරේ මාර්තු 01 සිට මාර්තු 11 දක්වා. මෙම විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් සඳහා 11 වන ශ්‍රේණියේ පන්ති පටන් ගන්න විශේෂ අවශ්‍යතාවයක් තිබෙනවා. ඒකට අපි අනිවාර්යයෙන් ප්‍රමුඛතාව දිය යුතුයි. බස්නාහිර පළාත හා සෙසු පළාත්වල හුදකලා කර ඇති පොලිස් වසම් තුළ පිහිටා ඇති පාසල් හැර අනෙක් පාසල්වල 11 වන ශ්‍රේණියේ පන්ති ජනවාරි 25 වන සඳුදා ආරම්භ කිරීමට අපි අදහස් කරනවා. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූනි අවසානය වනවිට නිකුත් කිරීමට අපි සෑම ප්‍රයත්නයක්ම දරනවා."

බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල පාසල් සහ පෙර පාසල් එළඹෙන 11 වනදා ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය, මහචාර්ය ජී.එල් පීරිස් මහතා එහිදී පැවසීය.

"දිවයිනේ සෙසු පළාත්වල හුදකලා කරන ලද පොලිස් වසම් තුළ පිහිටා තිබෙන පාසල් හැර අනික් සියලු පාසල්වල ප්‍රාථමික පන්ති විවෘත කෙරෙනවා, ජනවාරි 11 වනදා. එම කොන්දේසියටම යටත්ව පෙරපාසල් ද යළි ආරම්භ වෙනවා. මේ සියල්ලක්ම කරන්නේ විස්තර සහිත සැලැස්මක් අනුව. බහුතරයක් පාසල්වල විශයමාලා නිර්දේශයෙන් තුනෙන් දෙකක් පමණ ආවරණය වෙලා තියෙන්නේ. ඉතිරි කොටස 2021 පළවෙනි වාරයේ සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වෙනවා."

ReeCha