මුව ආවරණය මතුපිට ස්පර්ශ කිරීම ඉතා භයානකයි - අලුත්ම පරීක්ෂණ වාර්තාවකින් හෙළි වූ දේ මෙන්න

sri lanka Covid 19 Covid protect
By Sithumi May 16, 2021 11:09 AM GMT
Sithumi

Sithumi

Report

යම් ආකාරයකින් එම වෛරස් ඔබ පැලඳ සිටින මුව ආවරණය තැවරී තිබුණහොත් ඔබ මුව ආවරණය නිතර ඇල්ලීමෙන් එම වෛරස ඔබගේ ශරීරයට ඇතුළු වීම අනිවාර්යයෙන් සිදු වෙනවා.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට භාවිත කරන මූලික උපක්‍රමය වන මුව ආවරණය නිවැරදිව භාවිතා කිරීම ඉතා වැදගත් බවත් මුව ආවරණ පැළඳීම තුළින් මේ වන විට මුළු ලෝකයේම පවතින වෙනත් ශ්වසන රෝග ද අවම වී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසනවා. එ

කම මුව ආවරණය බොහෝ කලක් පාවිච්චි කළ නොහැකි අතර එය සෝද සෝද පාවිච්චි කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැකි බවත් ඔහු පැවසුවා. රෙදි මුව ආවරණ නම් සෝදා භාවිත කල හැකි වුවද එවැනි අවස්තාවක මුව ආවරණ දෙකක් පැලඳිය යුතු බවටයි ඔහු පෙන්වා දෙන්නේ. භාවිතා කල මුව ආවරණ මතුපිට විසබීජ තැවරී තිබිය හැකි බැවින් ඒවා ගලවා මේස මත තැබීමෙන් වැලකිය යුතු බවත් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා.

එමෙන්ම පාවිච්චි කළ මුව ආවරණද ඉතා ප්‍රවේශමෙන් බැහැර කළ යුතු අතර මුව ආවරණය පැළඳීමෙන් වෛරසය ඇති පුද්ගලයා අන් අය ආරක්ෂක කරනවා මෙන්ම මුව ආවරණය පළඳින පුද්ගලයා අන් අයගෙන් ආරක්ෂා වෙන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now