පෞද්ගලික හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගණ ඉදි කිරීමට පියවර.

Srilanka Helicopter Heliy paed
By Aruna Apr 30, 2021 02:33 AM GMT
Report

පෞද්ගලික ගුවන් ධාවන පථ සහ පෞද්ගලික හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගණ (හෙලි පෑඩ්) ඉදිකිරීම සඳහා අවසර ලබාදීමට රජය තීරණය කර තිබේ.

අලුතින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික සිවිල් ගුවන් සේවා ප්‍රතිපත්තියට අනුව හඳුන්වා දී ඇති අවශ්‍යතා සපුරාලීමට යටත්ව මෙම ඉදිකිරීම් සිදුකළ හැක.

රජයේ දේශීය ගුවන් සේවා සංවර්ධනය කිරීමේ සැලසුමට අනුකූලව දේශීය ගුවන් සමාගම්වල පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීම සහ අනෙකුත් පහසුකම් දිරිමත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා අතර මෙම පියවර ප්‍රමුඛවේ.

එසේම මිලිටරි අවශ්‍යතා සඳහා භාවිත කරන ගුවන් යානා හැර රට තුළ භාවිත කෙරෙන අනෙක් සියලුම ගුවන් යානා සිවිල් ගුවන් සේවා ප්‍රමිතීන්ට අනුකූලව අනිවාර්යයෙන් නඩත්තු කිරීමටද මෙම ජාතික ප්‍රතිපත්ති යෝජනා කර ඇත.

සංචාරක, වෙළෙඳ, ආයෝජන, වාණිජ, කාර්මික හා ආගමික අවශ්‍යතා පදනම් කරගෙන මෙම ජාතික ප්‍රතිපත්තිය ඔස්සේ පෞද්ගලික අංශයේ සහභාගීත්වය දිරිමත් කිරීම සඳහා මෙලෙස ධාවන පථ සහ හෙලි පෑඩ් ඉදිකිරීමට අවසර ලබාදෙන බව ජාතික ප්‍රතිපත්තියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa