ප්‍රභල හමුදා ප්‍රහාරයකින් විරෝධතාකරුවන් 38ක් මරුට...ජාත්‍යන්තරයේ දැඩි විරෝධය.

Army
By Thaya Mar 05, 2021 07:59 AM GMT
Report

මියන්මාරයේ හමුදා පාලනයට විරෝධය පළ කරමින් පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් ඊයේ දිනයේදී 38 දෙනෙකු පමණ මියයන්නට ඇති බව විදෙස් වාර්තා අනාවරණ කරනවා. විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් එම මරණ සිදුව ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ. මියන්මාර හමුදාව විසින් ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධතාකරුවන් මර්දනය කිරීමේ එම ක්‍රියාමාර්ගය ජාත්‍යන්තරයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. මියන්මාරය හමුදා පාලනයට යටත් වූ දිනයේ සිට මේ දක්වා කාලය තුළ හමුදා පාලනයට එරෙහි විරෝධතාකරුවන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ ඊයේ දිනයේදී බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.